‘වත්මන් ආර්ථික තත්ත්වය හා එහි අභියෝග’ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවේ ගුවන් තොටුපෙලෙන් පිටත් වන අයට “අපගමන” බද්දක් අයකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පැවසුවේ, මෙම අපගමන බද්ද පැනවූයේ 1961තරම් කාලයේදී බවත්, 2003 සිට මෙම බද්ද ඩොලර් 60ක් අයවන පරිදි ක්‍රියාත්මක වූ බවත්, ඉකුත් පාස්කු ප්‍රහාර සමයේදී එම බද්ද ඩොලර් 10කින් අඩුකර ඩොලර් 50 තත්වයේ පැවති බවත්, ඉන් අනතුරුව 2020 පෙබරවාරි මාසයේ සිට නැවතත් එම බද්ද පෙර පැවති තත්වයට පත් වූ බවත්, එම මහත්මිය පැවසුවාය.
නව ගැසට් පත්‍රයෙන් කරනු ලැබුවේ එතෙක් රත්මලාන හා යාපනය යන ගුවන් තොටුපොල උපයෝගී කරගෙන ගමන් යන අයට මෙම බද්ද ඩොලර් 60 සිට ඩොලර් 30 දක්වා අඩු කළ බවත්, කටුනායක ගුවන් තොටුපොලේ එම ගණන ඩොලර් 60ක් බවත් තනුජා පෙරේරා මහත්මිය පැවසුවාය.