ඒ අනුව, අද එම ගැසට් පත්‍රය නිකුත් කිරීමට අදාළව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙසත්, දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රපියල් 46 ක් ලෙසත් වන බවත් අමාත්‍යංශ ලේකම් වරයා මෙහි දී සඳහන් කළේය.
පසුගිය කාලයේ බිත්තර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනු දක්නට ලැබිණි. ඇතැම් බිත්තර වෙළඳුන් ප්‍රකාශ කර තිබෙන්නේ බිත්තරයක උපරිම මිල රුපියල් 55 ක් විය යුතු බවයි. එවන් අවස්ථාවක පාරිභෝගික අධිකාරිය බිත්තර සම්බන්ධයෙන් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
එමෙන්ම, පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා විසින් ප්‍රකාශ කළේ, යම්කිසි පුද්ගලයෙකු මෙම නිර්ණය කර තිබෙන උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පාරිභෝගිකයින් වෙත අලෙවි කරන්නේ නම් ඊට එරෙහිව පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිළධාරීන් නිසියාකාරව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.