ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    හොර පාරෙන් ඕමානයට යැවූ කාන්තාව ආපසු ගෙන්වීමට ලක්ෂ හතරහමාරක් ගත් සැකකාරිය අධිකරණය හමුවට

    ජනවාරි 21, 2023

    සංචාරක වීසා මගින් කාන්තාවක් නිතිවිරෝධි ලෙස ඕමානයට යවා ඇයට රැකියාවක් නොලැබීම හේතුවෙන් ආපසු ගෙන්වා ගැනීමට රු.460,000.00 ක මුදලක් ලබාගත් කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරින් මගින් අත්අඩංගුවට ගන්නා ලදි.


    හලාවත ප්‍රදේශයේ පදිංචි ෆාතිමා සියානා නමැති අවුරුදු 30 ක් වයසැති මෙම සැකකාර කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකට ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයේ රැකියාවක් ලබාදීමට පොරොන්දු වී ඇත.නමුත් පසුව ඩුබායි රාජ්‍යයේ රැකියා නොමැති බව පවසා සංචාරක වීසා මගින් ඇය ඉන්දියාව හරහා ඕමානයට යැවීමට කටයුතු කර තිබේ. ඕමානයේ දී ඇයට රැකියාවක් නොලැබීම හේතුවෙන් නැවත ආපසු ගෙන්වාදීම සඳහා සැකකාර කාන්තාව රු.460,000.00 ක මුදලක් විදේශ ගත වු කාන්තාවගේ සැමියාගෙන් ලබාගෙන ඇය ගෙන්වා දීමට කටයුතු කර ඇත.මේ පිළිබදව අදාල කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනූව විමර්ශන නිලධාරින් මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නා ලදි.

    සැකකාරිය  (ජනවාරි 20) දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදේශ ගමන් තහනමක්ද පනවා රුපියල් ලක්ෂ 5 ක ශරිර ඇප මත මුදාහරින ලදි.වැඩිදුර නඩු විභාගය 2023 ජුනි මස 7 දිනට කල් දමන ලදි.

    මෙම අත්අඩංගුවට ගැනීමේ කටයුත්ත සඳහා විමර්ශන අංශයේ සරත් විමලවීර,මධුෂාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිණි යන නිලධාරිහු සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya