ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    'මිනිස්ට්‍රි ඔෆ් ටී' නව තේ වෙළෙඳ පරිශ්‍රය ගාල්ලේ දී විවෘත වෙයි

    ජනවාරි 22, 2023

    ලාංකික තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ අලුත් පරිච්ඡේදයක නව ආරම්භයක් තබමින් ගාල්ල ඓතිහාසික කොටුව තුළ 'මිනිස්ට්‍රි ඔෆ් ටී' නව තේ වෙළෙඳ පරිශ්‍රය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැවිලි කකර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත විණි.

    වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහයෝගයෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට අයත්ව තිබුණු ගොඩනැගිල්ලක් නවීකරණ කොට 'මිනිස්ට්‍රි ඔෆ් ටී' නමින් ශ්‍රී ලංකාවේ තේ නාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ටත්, මේ පළාතේ සංචාරය කරන විදේශීය ජනතාවට නවමු අත්දැකීමක් ලබාදීමටත්හැ කි වේ.

     

    ' මිනිස්ට්‍රි ඔෆ් ටී' පරිශ්‍රය තුළදී ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන ඉතාම ගුණාත්මකභාවයෙන් ඉහල සෑම තේ විශේෂයක්ම දැරිය හැකි මිලකට විවිධ වෙළද නාමයන් යටතේ තරගකාරීව අලෙවි කිරීමට කටයුතු සලසා දී තිබේ.


    එමෙන්ම ලංකාවේ ප්‍රමුඛ සංචාරක කේන්ද්‍රස්ථානයක් හැටියට සුප්‍රසිද්ධ ගාලු නගරයට පැමිණෙන සංචාරකයින්ට විවිධ තේ වර්ග අලෙවි කිරීමෙන් පමණක් නොව ඒ හරහා ගොඩනැගෙන යහපත් නාමය හරහා සන්නාමයන් ප්‍රවර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ලෝක වෙළෙඳපොළේ අනාගතවාදිව යම් අවස්ථාවන් ප්‍රමාණයක් විවර කර ගැනීමත් මේ හරහා අපේක්ෂාව වේ.

    එමෙන්ම ගාල්ල තුළ මෙලෙස මිනිස්ට්‍රි ඔෆ් ටී ( Ministry Of Tea ) ආරම්භ කළා සේම එම සන්නාමය යටතේ ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවලත් මෙවැනි පරිශ්‍රයන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සලසමින් සිට්න බව අමාත්‍යවරයා සදහන් කළේය.

    මෙම උත්සව අවස්ථාවට එක්වූ දකුණු පලාත් ආණ්ඩුකාරවර විලී ගමගේ , ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරල , වජිර අබේවර්ධන , යදාමිනී ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් , ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරියටත් , වැවිලි අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්ම කීර්ති , කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදර්ශන , සාමාන්‍යාධිකාරී ධම්මික මහීපාල , තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ඩි මෙල් ඇතුළු රාජ්‍ය නිළධාරින්්පි රිසක් ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya