ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    විභාග අක්‍රමිකතා ගැන දැනුම් දෙන්න දුරකතන අංක 05ක්

    ජනවාරි 22, 2023

    අපොස (උසස් පෙළ) විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් වේ. පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් කර තිබේ.

    එමෙන්ම,විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පොස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාල මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවෙකු වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් හෝ සිදුකළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානය හෝ පොලිස් මුලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පහත අංක ඔස්සේ පැමිණිලි කරන ලෙසද අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටි.

     

    * පොලිස් මුලස්ථානය - 011 242 1111

    * පොලිස් හදිසි ඇමතුම් අංකය - 119

    * ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය - 1911

    * විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය - 0112 785 211 / 0112 785 212

    * පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 0112 784 208 / 0112 784 537

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya