ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    ''සිසුසැරිය'' දීපව්‍යාප්ත සේවාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට ප්‍රවාහන පහසුකම්

    ජනවාරි 22, 2023

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන ''සිසුසැරිය'' දීපව්‍යාප්ත සේවාව යටතේ ඇති බස්රථ එක්දහස් හයසිය දාහත (1617) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් යෙදවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

    ඒ සඳහා සියලුම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් විභාගය පැවැත්වෙන කාල සීමාව දක්වා මෙම සේවාව ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    බස් රථ සඳහා සෑම ධාවනය වන කිලෝමීටරයකටම රුපියල් 88ක් ලබා දෙන ලද සහනාධාරය මෙම මස සිට රුපියල් 105ක් දක්වා වැඩි කර ඇති බවත් එක් සිසුදරුවෙක් සිටියද බස් රථය ධාවනය කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටී.

    මෙම බස්රථ සේවාව විභාග මධ්‍යස්ථානවල සේවය කරන කාර්යමණ්ඩලයට , ගුරුවරුන්ට , දරුවන් සමග ගමන් කරන දෙමව්පියන්ට භාවිතා කළ හැකි බවත් ඒ මහතා දැනුම් දේ.බස්රථ හිමිකරුවන්ට , ධාවකයන්ට මේ සම්බන්ධව උපදෙස් ලබා දී ඇති බවත් මිරැන්ඩා මහතා වැඩිදුරටත් පැවසීය.

    විභාගය පැවැත්වෙන කාලසීමාවේදී සිසු දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සළසන ලෙස ඒ මහතා ''සිසුසැරිය'' ව්‍යාපෘතියෙන් බැහැරව පවතින අනෙක් සියලුම ශ්‍රීලංගම සහ පෞද්ගලික බස්රථ ධාවනය කරන්නන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    එසේම විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 32ක් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කෙරෙන අතර එ් සඳහා ඉන්ධන පහසුකම් ලබා දීමටද පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.දැනට QR කේතය මගින් සිසුසැරිය බස්රථ සියල්ලට ඉන්ධන ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරතකන අංකය ඇමතීමෙන් ඕනෑම බස්රථ ධාවකයකකුටම සහ හිමිකරුවෙකුටම සහ විභාගයට සහභාගී වන දරුවන් ඇතුලු ඕනෑම කෙනෙකුට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවත් ඒ මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya