රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
සේවක හිඟය හේතුවෙන් පසුගිය කාලසීමායේ අවලංගු කරන ලද දුම්රිය වාර,උදෑසන 7ත් සවස 5ත් අතර කාලය තුළ නැවත ධාවනයට එක් කර ඇති බවද ඒ මහතා කියා සිටී.
මෙම කාලය තුළ දුම්රිය ප්‍රමාදයන් සිදුවන්නේ නම් ඒ අවස්ථාවේ ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමීව ධාවනය කර සිසුන්ට ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පහසුකම් සළසා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.
යම් කෙනෙකුට එවැනි ගැටලුවක් , අපහසුතාවයක් ඇති වන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ 1971 ක්ෂණික ඇමතුම් අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඉඳිපොළඟේ මහතා ඉල්ලීමක් කෙරේ.මෙම කටයුතු අධීක්ෂණය සඳහා සහකාර ප්‍රවාහන අධිකරිවරයෙක් පත් කර ඇති බවද ඒ මහතා කියා සිටී.
වව්නියාව කන්නසන්තුරය දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ සඳහා වෙනමම දුම්රියක් ස්ථානගත කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.