ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ මානුෂීය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක් පවත්වයි

    ජනවාරි 23, 2023

    CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ මානුෂීය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක් පවත්වයි

    CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාස (Marine Exercise - MAREX) 2023 ජනවාරි මස 21 වන දින ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලඝණය, ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ නාවික පාබල අංශය එක්ව මුල්ලිකුලම් හීදී ආරම්භ වූ අතර, එහි මානුෂීය ආධාර සහ ආපදා සහන (Humanitarian Assistance & Disaster Relief) අභ්‍යාසයක් අද දින (2023 ජනවාරි 22) වයඹ නාවික විධානයේ මුල්ලිකුලම් වෙරළ තීරයේදී පැවැත්විණි.

    ආපදා අවස්ථාවකදී මහජනතාවට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර රැගත් රථ සහ පිරිස් මුහුදු මඟින් ගොඩබිමට රැගෙන ඒමේ මෙම අභ්‍යාසය ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා‍වේ Landing Craft Air Cushion (LCAC) වර්ගයේ යාත්‍රා 02 ක් මඟින් සිදු කෙරුණු අතර, එවැනි අභ්‍යාස සඳහා අවශ්‍ය න්‍යායීක හා ප්‍රායෝගික දැනුම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දීම සහ මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සම්බන්ධ දැනුම හුවමාරු කර ගැනීමද මෙම අභ්‍යාසය මඟින් සිදු කෙරිණි.

    තවද, මෙම අවස්ථාව අධීක්‍ෂණය සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් මහතා ඇතුළු එම විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya