සරෝජිනි ප්‍රනාන්දු මහත්මිය ,මේ බව ප්‍රකාශ කළේ,අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රබර් වගාව හොදින් නඩත්තු කිරිමත්,රබර් ගස පීඩනයට ලක් නොකර නිර්දේශ අනුව කිරි කපා, නඩත්තු කිරීම මඟින්, ශ්‍රි ලංකා රබර් වගාවේ පවතින වලයාකාර පත්‍ර පුල්ලි රෝගය හෙවත් පෙස්ටලෝෂියොප්සිස් (Pestalotiopsis ) පාලනය කිරීමට හැකි ය.
2019 වර්ෂයේ දි හඳුනා ගැනුණු මෙම රෝගය, මේ වන විට මැලේෂියාව,බුරුමය, කාම්බෝජය,වියම්නාමය යනාදි රටවල පැතිර යමින් පවති. රබර් ගසින් වැටෙනා පත්‍ර එක්කාසු කොට පුළුස්සා ගැනීම රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම මෙහි සරලම ක්‍රම ලෙසත්,සමහර
ප්‍රදේශ වල එසේ කිරීමට නොහැකි නම්,එය කාණුවකට එක්කාසු කොට පිලිස්සීමෙන් දිලීර අලුත් පත්‍ර සදහා පැතිර යාමේ අවදාම වළක්වා ගත හැකි බව සරෝජිනි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙයි
එසේ කිරීමට නොහැකි වුවහොත් පමණක් රසායනික ද්‍රව්‍ය යොදා ගත හැකි බවත්,ඒ සඳහා හෙක්ටයාර 01ක් සඳහා ලීටර් 15ක් අඩංගු ටැංකි 15ක අඩංගු රසායනික දියර යොදා ගත යුතු බවත් එය උදෑසනම ඉසිය යුතු බව රබර් පර්යේෂණ ආයතනයේ ශාක ව්‍යාදී ක්ෂුද්‍ර ජිවි විද්‍යාඥ,අංශ ප්‍රධානී සරෝජිනි ප්‍රනාන්දු මහත්මිය පවසයි.
ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වන රබර් සඳහා පසුගිය වසරේ දී (2022) ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ මිලක් ලැබිණි.
තවද දැනට රබර් ක්ෂේත්‍ර යේ පවතින අන්තර්ජාතික මිල ගණන් www.rrisl.gov.lk පරිශිලනය කිරීමෙන් දේශිය මිල ගණන් තීරණයකට පැමිණිය හැකි බව රබර් පර්යේෂණ ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා කීය.