ජනවාරි 29, 2025
tami eng youtube  twitter facebook

    විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාදාමය තවම අවසානයකට පැමිණ නැහැ - මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක.

    ජනවාරි 25, 2023

    විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාදාමය තවම අවසානයකට පැමිණ නොමැති බවද මෙහි පවතිනුයේ අදාළ ක්‍රියාදාමය අනුගමනය කිරීම සඳහා වූ එකඟතාවයන් සහ එම ක්‍රියාදාමය සිදුවෙමින් පැවතීම බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජික, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක,හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙනේතුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    කැබිනට් මණ්ඩලය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී , 2023 වසරේ විදුලි ගාස්තු සංශෝධනය කරන බව අදහස් කළේ යැයිද ඉන්පසු 2023 ජනවාරි මාසයේ ඒ සදහා අනුමැතිය ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමට කැබිනට් මණ්ඩලයෙන් ලිපියක්ලැබුණු බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජික මොහාන් සමරනායක මහතා සිහිපත් කළේය.

    මහජන උපයෝගීතා කොමිසමේ සාමාංජිකයන් පස් දෙනෙකු පත් කර සිටි බවද, පසුගිය වසරේ එක් අයෙකු ඉල්ලා අස්වීමෙන් පසු දැන් කොමිසමේ සිටිනුයේ සභාපතිද ඇතුළුව සාමාජිකයන් සිවුදෙනෙකු බවද පැවසුවේය.

    පනතේ නිර්වචනය අනූව කොමිසම යනු සියලු සාමාජිකයෝ හෝ සාමාජිකයින්ගෙන් බහුතරය බවද කියාසිටි මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් පැවසුවේ, යම් අවස්ථාවක කොමිසමේ තීරණයක් යනුවෙන් මාධ්‍යයේ සදහන් වේ නම් එම තීරණයට කොමිසමේ සියලු සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍ය බවයි.

    පනතෙන් සභාපතිවරයාට සුවිශේෂී බලතල ලබාදී නොමැති බවද සෑම විටම පනතෙන් අරුත් ගැන්වෙනුයේ කොමිසම බවද ඔහු පැසුවේය. එලෙස කොමිසම යන්නෙන් අදහස් වන්නේ සාමාජිකයන් සියලුදෙනා හෝ සාමාජිකයන් බහුතරය බවද ඔහු සඳහන් කළේය.

    මෙම වසරේ ජනවාරි 09 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කළ ඒ්කාබද්ධ සංදේශයක් මත පදනම් වෙමින් ලබාගත් තීන්දුවට උපයෝගීතා කොමිසමේ අනුමැතිය ඉල්ලමින් කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් ජනවාරි 11 වනදා උපයෝගීතා කොමිසමට ලිපියක් එවූ බවද සඳහන් කළේය.

    එහි ඉල්ලීම් 03ක් ගැබ්වූ බවද ඉන් පළමුවැන්න පනත විසින් නිර්දේශ කර ඇති ක්‍රියාදාමය අනුගමනය කිරීමෙන් පසු ඇමුණුම 03හි සදහන් ආකාරයට විදුලිබල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සදහා 2023 පෙබරවාරි 15 වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද යනුවෙන් බවයි.

    දෙවැන්න නම් නිර්දේශිත ක්‍රියාදාමය අනුගමනය කොට උපයෝගීතා කොමිසමේ තීන්දුව දෙන තෙක් 2023.01.01 සිට බලපාන පරිදි අතුරු ගාස්තු වැඩිකිරීමකට අවසර දෙන ලෙස සදහන් වූ බවයි.

    තෙවැනි ඉල්ලීම වූයේ වර්ෂයකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සදහා අවශ්‍ය සංශෝධනය කරන ලෙසයි.

    විවාදයට ලක්ව ඇත්තේ මුල් කාරණා 2 බව කියා සිටි මොහාන් සමරනායක මහතා මෙමලිපිය ලැබීමෙන් පසු ජනවාරි 12 වෙනිදා කොමිසමේ හදිසි රැස්වීමක් පැවති බවද සදහන් කළේය.

    එහිදී කැබිනට් මණ්ඩලයෙන් එවූ ලිපියට පිළිතුරු ලිපියක් කොමිසමේ ප්‍රතිචාරය සදහන් කොට යැවීමට එකග වූ බවද පැවසුවේය.

    මෙලෙස කරුණු පැහැදිලි කළ මොහාන් සමරනායක මහතා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට නීතිපතිවරයාගේ අදහස් විමසීමේ ලියවිල්ලත් සකස් කර අවසන් බද අවධාරණය කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya