මෙහිදි ජනවාරි මාසය වෙනුවෙන් සැලසුම් කල ගල් අඟුරු නෞකා 7න් 5ක ගල් අඟුරු මේ වන විට ලබා ගෙන ඇති බවත් තවත් නෞකා 2ක් මෙම මස ලබා ගැනීමට බලාපොරොත්තු බවත් මේ වන විට ගල් අඟුරු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබා ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල් අඟුරු නෞකා 33ක් ලබා ගත යුතුව ඇති බවද සාකච්ඡා විණි.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී පෙබරවාරි මස ගල් අඟුරු නෞකා 7ක්, මාර්තු මස නෞකා 7ක් සහ අප්‍රේල් මස නෞකා 7ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවත් එමෙන්ම බැංකුවලින් ඉල්ලීම් කර ඇති මුදල් ලබා ගැනීමේ හැකියාව මත ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව සහ විදුලිය අවම කප්පාදුවකින් ලබා දීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය දන්වා සිටින ලදී.