ජනවාරි 29, 2025
tami eng youtube  twitter facebook

    ලාදුරු රෝගයට බිය විය යුතු නැහැ- එය තුරන් කළ හැකි සහ තුරන් කළ යුතු රෝගයක් - කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

    ජනවාරි 25, 2023

    ලාදුරු රෝගයට බිය විය යුතු නැති බවත් එය තුරන් කළ හැකි සහ තුරන් කළ යුතු රෝගයක් බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, අද (25) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ලාදුරු රෝගය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙරට ලාදුරු රෝගීන්ගේ වාර්තා වීම 2001 වසරේ සිට අද දක්වා ස්ථාවර මට්ටමක පවතින බවද, වාර්තා වන ලාදුරු රෝගීන්ගෙන් 10%ක් ළමා ලාදුරු රෝගීන් බවද ඔහු පැවසුවේය.

    ලෝක ලාදුරු දිනය ජනවාරි 29 වනදාට යෙදෙන බවද, මේ මස 29 වනදා මෙරට ලාදුරු පිළිබඳව දැන්වත් කිරීමේ වැඩසටහනක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස ගත් කළ කොළඹ දිස්ත්‍රික්කය ලංකාවේ ලාදුරු රෝගීන් වැඩිම දිස්ත්‍රික්කය බවද පැවසූ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිපුරම ලාදුරු රෝගීන් වාර්තා වන්නේ කොළඹ මහ නගර සභා සීමාවෙන් සහ එගොඩ උයන සහ මොරටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් බවද අවධාරණය කළේය.

    එමනිසා මේ මස 29 වන ඉරිදා ලාදුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකිරීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

    ලෝකයේ දියුණු යැයි සම්මත රටවල ලාදුරු රෝගය දක්නට නොලැබෙන බවද ලාදුරු සෑදී බොහෝ කලක් යන තෙක් දිස්වන්නේ සුදු පාට ලපයක් පමණක් බැවින් බොහෝ දෙනා මෙය ලෙඩක් වශයෙන් නොසලකන බවද එතරම් සැලකිල්ලක් නොදක්වන බවද පැවසුවේය. නමුත් යම් කනෙකුට තමාට ලාදුරු වැළඳී ඇතැයි සැකයක් පවතිනවා නම් එය පරීක්ෂා කරගැනීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya