ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නාගරික මරණ පරීක්ෂක කාර්යාලයේ කටයුතු නිරීක්ෂණයට

    ජනවාරි 25, 2023

    කොළඹ නාගරික මරණ පරීක්ෂක කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (25) එක්විය.

    කොළඹ නාගරික මරණ පරීක්ෂක කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමේදී මුහුණදීමට සිදු වන අපහසුතාවයන් සම්බන්ධව මහ ජනතාවගෙන් විවිධ ආකාරයේ පැමිණිලි ලැබී ඇති බැවින් අමාත්‍යවරයා එහි ක්‍රියාකාරිත්වය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදුකර ඇත.

    කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි නාගරික මරණ පරීක්ෂක කාර්යාලයට පැමිණි අධිකරණ අමාත්‍යවරයා කොළඹනාගරික මරණ පරීක්ෂක එම්.අෂ්රෆ් රූමි මහතා හමු වී කොළඹ මරණ පරීක්ෂක කාර්යාලයේ කටයුතු සිදු කරනු ලබන ආකාරය පිළිබදව විමසු අතර ඉදිරිකටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබදව උපදෙස් ලබා දෙන ලදී.

    එසේම නාගරික මරණ පරීක්ෂක කාර්යාලයේ සේවාවන් ලබා ගන්නා ජනතාවගෙන් විවිධ පැමිණිලි ලැබී ඇති බැවින් එවැනි තත්වයන් ඉදිරියේදී සිදු නොවනආකාරයට කටයුතු කරන ලෙසත්, මරණ පරීක්ෂණ සම්බන්ධ වාර්තා ලබාදීම තවදුරටත් කඩිනමින් සිදු කරන ලෙසත්, අධිකරණ අමාත්‍යවරයා එහිදීනිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිෂාන්තිමීගහපොල, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඩබ්ලිව්.කේ.වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර යන මහත්ම මහත්මීන් හාඅධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya