ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මහ බැංකු ශ්‍රවණාගාරයේදී අද (25) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා මේ බව පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ නන්දලාල් වීරසිංහ මහතා, මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශිය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්‍රතිචාර වශයෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවට කරුණු දැක්වීය.
මහ බැංකුව විසින් මෑතකදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ඊට සමගාමීව විවට වෙළඳපොළ කටයුතු සිදුකිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතාව වැඩිදියුණු වූ බවත්, මෙය අන්තර් බැංකු වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වර්ධනයට හේතු වූ බවත් මහ බැංකුව තවදුරටත් කරුණු දක්වයි.
මේ අතර, ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම හේතුවෙන් වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර මෙම ප්‍රවණතාව ඉදිරි කාලය තුළදී ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික පහළ යෑම සඳහා හේතු වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, දැඩි මුදල් තත්ත්වය සහ ආර්ථික ක්‍රියාකාරකම් පහළ යෑමට ප්‍රතිචාර වශයෙන් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය අඛණ්ඩව පහළ ගියේය. ඒ හේතුවෙන් අඩු වේගයකින් වුවද, මුදල් ප්‍රසාරණය ද ඉහළම මට්ටමේ සිට පහළ යෑමක් වාර්තා කර ඇත.