ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    රුසියාවේ සිට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් සේවාවක් - අවශ්‍ය කටයුතු සොයා බැලීමට වාණිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට වෙළඳ ඇමති උපදෙස් දෙයි

    ජනවාරි 26, 2023

    රුසියාවේ සිට සිට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු පිළිබද සොයා බලන ලෙසට වාණිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

    පසුගිය දා (24) රුසියානු ජනරජයේ ස්වර්ඩොල්ව්ස්ක් (Sverdlovsk) කලාපයේ රාජ්‍ය නියෝජිතයන් පිරිසක් හා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණ. එහි දී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දීමට කටයුතු කර තිබේ.

    මෙහි දී ශ්‍රී ලංකාව සහ රුසියානු දෙරාජ්‍යයන් අතර වෙළෙඳ, වාණිජ හා සංචාරක ක්ෂේත්‍රයන් ආශ්‍රිතව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. ස්පා ආශ්‍රිත නිෂ්පාදන සදහා රුසියානු වෙළෙඳපොළ විවර කර ගැනීම සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ පාසැල් දරු දැරියන් හා පුහුණුකරුවන් වෙනුවෙන් බර ඉසිලීම, ජිමිනාසිටික් වැනි ක්‍රීඩා සඳහා පුහුණුවීම් හා විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා රුසියානු ජනරජයේ අවස්ථා උදා කරදීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලදී.

    ඖෂධ ක්ෂේත්‍රය හා ඊට අදාළ වෛද්‍ය උපකරණ ආශ්‍රිතව රුසියානු ආයෝජකයන් දිරිගැන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මැණික් කර්මාන්තය හා මැණික් ඔප දැමීම සම්බන්ධ හා ආභරණ නිපදවීම සම්බන්ධයෙන් දැනුම හුවමාරු කර ගැනීම පිළිබදවද සාකච්ඡා කරන ලදී. මේ වන විටත් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවක් වෛද්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව උසස් අධයාපන කටයුතු වල නිරත වන අතර තව දුරටත් අනිකුත් ක්ෂේත්‍රයන් සඳහා ද උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අවස්ථාවන් පුළුල් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශ්වය ඉල්ලීම් කරන ලදී.

    ව්‍යාපාරික සමුළු, වෙළෙඳ ප්‍රදර්ශන වැනි අන්තර් රාජ්‍ය සබඳතා හරහා දෙරට අතර පවතින මිත්‍රත්වය තව දුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාව මේ වන විටත් රුසියාව වෙත මුළු අපනයනයන්ගෙන් 75% ක් පමණ දේශීය තේ අපනයනය කරන අතර දේශීය කුළුබඩු ඇතුළු අගය එකතු කරන ලද නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළ පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

    මෙම අවස්ථාවට රුසියාවේ ස්ලෝවස්ක් රාජ්‍යෙය් නියෝජ්‍ය ආණ්ඩුකාර කොස්ලෝ වසිලි වැලෙරිච්, අන්තර්ජාතික හා විදේශීය සබඳතා අමාත්‍ය යරින් ව්‍යාෂෙස්ලෝ, සංචාරක කටයුතු වර්ධනය කිරීම පිළිබද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ස්මිනෝ විලැදිමර්, නීතිය හා මහජන ආරක්ෂාව පිලිබද නියෝජ්‍ය සභාපති අක්සෙනෝව් ඉගෝර්, වෙ‍ෙළඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.බී.ඒ අතපත්තු, වෙළෙඳ අමාතයාංශයේ අතිරේක ලේකම්, වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක, වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇලෙක්සි ගුණසේකර, ඇතුලු තවත් උසස් නිළධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya