ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වීමෙන් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව දන්වා ඇත.
මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය ආදායම සහ ජනතාව මුහුණ දී සිටින අසීරුතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු බවත්, ණය වාරික ලබා ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා පිළිබඳ සාර්ථක සාකච්ඡාවක් සිදුවූ බවත්, එහි ප්‍රතිඵල මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේ දී ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි