ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වරින්වර පැනවූ ආනයන අත්හිටුවීම් හේතුවෙන් ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරියක්

    ජනවාරි 26, 2023

    ඇතැම් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වරින්වර පැනවූ ආනයන අත්හිටුවීම් හේතුවෙන් මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කිරීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අනාවරණය කරයි.

    ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් අද (26) රේගු මූලස්ථානයේ පැවැති උත්සවයට එක් වෙමින් එම සභාව ඇමතූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කිරීම සිදු වන්නේ මෙම පියවර හේතුවෙන් බවත්, මෙම වසර පසුගිය 2022 වසර තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.

    එහෙත් ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද මැද ගෙවී ගිය 2022 වසරේ ඇති වූ පීඩාවන් අමතක වූ ආකාරයෙන් ඇතැමුන් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    “අපි ගන්න තියෙන අසීරුම තීරණය අරගෙන භාණ්ඩ 1465ක් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. අවස්ථා කිහිපයක දී අපි ඒ සීමාවන් ඉවත් කළා. තවත් භාණ්ඩ 685ක් ආනයනය නවත්වල තියෙනවා. ඒ ආනයනයන් අත්හිටුවීම නිසා මේ දක්වා ඩොලර් මිලියන 2500ක් රටට ඉතිරි කරල තියෙනවා.”
    “අපට හදා ගන්න පුළුවන් සරුංගල්, වෙසක් කූඩු, දැහැටි කූරු විතරක් නෙවෙයි නුවරඑළියෙ හැදෙන රෝසමල් පවා අපි ආනයන කළා. ඒ සියල්ල නවත්තවල තමයි අපි මේ මුදල ඉතිරි කර ගත්තෙ. පොහොර ටික ගේන්නෙ ඩොලර් මිලියන 50ක් 60ක්, බෙහෙත් ටික ගේන්නෙ 800ක්, තෙල්වලට ඩොලර් මිලියන 3000ක් විතර යනවා.” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya