ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ 

    ජනවාරි 27, 2023

     අදාළ නගර ආශ්‍රිත ජනතාවගේ අදහස් සැලකිල්ලට ගැනීම අනිවාර්යයි....

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කතරගම පූජා භූමි සංවර්ධනය සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය. සාකච්ඡාව (26) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ දි
    පැවැත්විණ.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ, නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර ඇති ඇතැම් නගර සැලසුම් වර්තමානයට නොගැලපෙන බවයි. මේ නිසා වර්තමානයට ගැලපෙන පරිදි එම ව්‍යාපෘති යාවත්කාලීන විය යුතු බවත් නගර සංවර්ධනය ද සිදුවිය යුත්තේ වර්තමාන ලෝකයට ගැලපෙන ලෙස බවත් පෙන්වා දුන් ඇමතිවරයා කතරගම වැනි විශේෂ නගර, එම නගරවල ඇති ඓතිහාසික වටිනාකම රැකෙන පරිදි සංවර්ධනය විය යුතු යැයි ද පෙන්වා දුන්නේය.

    “සමහර නිළධාරින් මේ සැලසුම් හදන්නේ සීත කාමරවල ඉඳන්. ඒ සැලසුම් බිමට ගැළපෙන්නේ නැති අවස්ථා හුඟක් තියෙනවා. මේ නිසා රටේ සංවර්ධන කටයුතු වලින් අපේක්ෂිත අරමුණු ඉෂ්ට වෙන්නේ නෑ. හැබැයි ඒවට බනින්නේ ඒ විෂයභාර ඇමතිවරුන්ට. එහෙම නැත්නම් ආණ්ඩුවට. නිලධාරින්ගේ වැඩ නිසා තමයි දේශපාලනඥයන් වන අපිට බැනුම් අහන්න වෙලා තියෙන්නේ.” යැයි ද ඇමතිවරයා මෙහි දි කීවේය.

    “කතරගම වන්දනා මාන කරන්න එන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසනවා වගේම ඒ පූජා භූමියේ ගෞරවය රැකෙන පරිදි ඔබතුමන්ලාගේ සැලසුම් සැකසීම වැදගත්.” රණතුංග මහතා මෙහි දි වැඩිදුරටත් කීවේය. කතරගම පූජා භූමිය ආශ්‍රිත සංවර්ධන කටයුතු වලදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන් ම නගරයේ ඇති අනවසර කඩ ඉවත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. කතරගම පූජා භූමි සංවර්ධනය වෙනුවෙන් ඒකාබද්ධ සැලසුමක් ක්‍රියාත්මක කිරිමට ද මෙහිදී තීරණය කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya