ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාම සංවර්ධන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා අලෙවි ප්‍රදර්ශනය විවෘත කෙරේ

    ජනවාරි 27, 2023

    උතුරු මැද පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ග්‍රාම සංවර්ධන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා අලෙවි ප්‍රදර්ශනය උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (25) ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

    මෙම ප්‍රදර්ශනය ජනවාරි මස 25 සහ 26 යන දෙදින පුරා පැවැත්වුණු අතර ස්වයං රැකියා හා වනිතා කටයුතු සංසදය මගින් ක්‍රියාත්මක කෙරෙන වස විසෙන් තොර දේශීය ආහාර නිෂ්පාදන සිව්මස් පාඨමාලාව හැදෑරූ 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ ආහාර නිෂ්පාදනය මෙහිදී ඉදිරිපත් කර තිබුණි.

    විදේශිය ආහාර වර්ගවලට ජනතාව දක්වන වැඩි රුචිකත්වය වෙනුවට දේශීය ආහාර වලින් කෙරෙන නිෂ්පාදන කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කර විදේශයන් වෙත ඇදී යන මෙරට විනිමය අවම කිරීම මෙහි අරමුණ වේ.
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් චන්දසිරි බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් හා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රන්ජන් ජයසිංහ ඇතුලු අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ ගයාන් ඉන්දික වන්නිනායක මහතා සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් හා ස්වයං රැකියාලාභීන් පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya