ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    නාදුගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන් මුහුණ පා ඇති ගැටලු විසදීමට පියවර ගැනේ 

    ජනවාරි 27, 2023

    මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාදුගල 1 ග්‍රාම නිලධාරී වසමේ ඇති BR 3 ආරක්ෂණ වේල්ල ආසන්නයේ පදිංචි ගම්වාසීන් මුහුණ පා ඇති ගැටලු නිරාකරණය කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින වාරිමාර්ග අමාත්‍යාංශයේදී පවත්වන ලදි.

    නීතිමය රාමුව තුළ නාදුගල ආරක්ෂණ වේල්ලට බලපෑමක් නොවන පරිදි පදිංචිකරුවන්ගේ ගැටලු විසදීමට අදාලව මෙම සාකච්ඡාව සිදු කරන ලදි.

    මේ සදහා තුඩාව විහාරාධිපති කුසලඤාණ ස්වාමින් වහන්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මැතිතුමා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.පී. ත්‍රීමහාවිතාන මහත්මිය, ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ පුද්ගලික ලේකම් වෛද්‍ය චමීර යාපා අබේවර්ධන මහතා, සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රේමවංශ මහතා, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ශානක විජේසිංහ මහතා ඇතුලු වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් මෙම සාකච්ඡාව සදහා සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya