ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    2022 යල කන්නයේ හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක්

    ජනවාරි 28, 2023

    2022 යල කන්නයේ හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් ලැබී තිබේ.

    2023 මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න හා වී වගාව පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී ඇත.

    2022 යල කන්නයේ දී රසායනික පොහොර ලබා දීමට පෙර ගොවි ජනතාව වගා කටයුතු ආරම්භ කර තිබුනත්, ඒ වනවිටත් වී වගා කර තිබුනේ හෙක්ටෙයාර් 248,000ක පමණි.

    වත්මන් රජය ගත් තීරණයක් අනුව 2022 යල කන්නයේ දී යුරියා පොහොර ලබා දීමට පියවර ගත් අතර ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ යුරියා මෙට්‍රික් ටොන් 65,500ක් මෙරටට ආනයනය කර ගොවීන් අතර බෙදා දීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව ගොවීන් නැවත වතාවක් වී වගාව ආරම්භ කළ අතර වී වගා කළ සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000 දක්වා ඉහළ ගොස් ඇත.
    සාමාන්‍යයෙන් යල කන්නයේ දී මෙරට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 04ක් පමණ වුවද වසර 10කට පසු යල කන්නයක දී මෙරට වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය 2022 යල කන්නයේ දී වාර්තා විය.

    කෙසේ වුවද 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් 01කින් ලබා ගන්නා වී අස්වැන්න ප්‍රමාණය කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම වී තිබේ. 2021 මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846කි. නමුත් 2021 මහ කන්නයේ දී මෙරටින් වාර්තා වූ වී අස්වැන්න ප්‍රමාණය මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය වේ.
    සාමාන්‍යයෙන් සෑම වසරකම මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 2.5. සිට මිලියන 03ක් දක්වා වී අස්වැන්නක් ලැබුණ ද 2021 වසරේ දී මෙරටින් වාර්තා වූ වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6කි.

    එය මහ කන්නයක දී ලැබෙන අස්වැන්නෙන් සියයට 48ක පමණ අඩුවීමක් වේ. කෙසේ වුවද යල කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර ගුණාත්මකබවින් ඉහළ මට්ටමක පැවති බැවින් කුඹුරු සරුසාර වූ බව ගොවී ජනතාව පවසයි.


    මේ අතර දැනට අප රටේ ගොවීන් සතුව කන්න තුනක වී තොග පවතින බැවින් 2023 යල කන්නයේ දී වී වගාවට අමතරව අතිරේක බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත. ඒ යටතේ බඩඉරිඟු, මුං ඇට, මිරිස්, කුරක්කන්, උඳු හා තල වැනි බෝග වර්ග වගා කිරීම සඳහා ගොවි ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya