රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(ජනවාරි 30) පැවති ‘වත්මන් ආර්ථික තත්වය පිළිබඳ දැනුවත් කිරිමේ’ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය වසර තුළ ආහාර උද්ධමනය පමණක් 90%ක් ඉක්මවූ බවත්, සමස්ත උද්ධමනය 70% පමණ වූ බවත්, බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හේතුවෙන් රජයට ලැබූ ආදායම 300%කින් පමණ අඩු වූ බවත්, අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට චෝදනාවලට ලක්වී ඇති බදු නව බදු නොව පෙර සිට පැවති බදු බවත්, සිදුව ඇත්තේ නව බදු ප්‍රතිපත්තිය තුළ හුදෙක් බදු ප්‍රතිශත ප්‍රමාණය වැඩිකිරීම පමණක් බවත්, මෙම තත්වය තුළ බදු ලිපිගොණු සංඛ්‍යාව 10%ත් 20%ත් අතර ප්‍රමාණයකින් වැඩිවන බවත්, අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට පවුල් 39ලක්ෂයක් ජීවත් වීම සඳහා රජයෙන් අධාර ඉල්ලා ඇති බවත්, ඒ අය සම්බන්ධයෙන් සොයා බලා ආධාර අවශ්‍ය කවුරුන්ද යන්න තීරණය කළ යුතු බවත්, බදු සංයුතිය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බවත්, රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.
බදු සම්බන්ධයෙන් කිසිඳු විකල්පයක් නොමැති බවත්, ආර්ථිකය ඉහළ තත්වයට පත්කිරීම වෙනුවෙන් මෙම බදු ප්‍රත්පත්තිය ක්‍රියාත්මක කළ යුතු බවත්, මෙම බදු ගෙවීම සාමාන්‍ය පිරිස් පමණක් නොව ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් 225ටද අදාළ බවත්, ඔවුන්ටද එයට මුදුණ දීම විනා කිසිදු විකල්පයක් නොමැති බවත්, අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.