ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, එම දුම්රිය මාර්ගයේ සිදු කරන සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමිනි.
පසුගිය 08 වැනි දා ආරම්භ වූ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙන අතර එය මෙම වසරේ මෙරට සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ද වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 123 ක් සංවර්ධනය කිරීමට නියමිත වන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දියාවේ IRCON සමාගම මඟින් සිදු කෙරේ. එමෙන්ම, මේ සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 91.27 ක් වෙන් කර තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, ඉදිකිරීම් භාර සමාගම් වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව තිබේ.