අමාත්‍යවරයා මේ බව පැවසුවේ,පරිසර අමාත්‍යාංශය මගින් දිවයින පුරා ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පරිසර අමාත්‍යාංශයේ දී (30) පැවැත්වු අවස්ථාවේදී ය.
පරිසර අමාත්‍ය නසීර් අමහඩ් මහතා අමාත්‍යාංශයේ සියලුම නිලධාරින් තම ව්‍යාපෘති සම්බන්ධයෙන් වගකීම හා කාර්යක්ෂ සේවාව උපරිම කළ යුතු බවත් මෙම වසරේ අවසාන ප්‍රගතිය සම්බන්ධ ව මා විශේෂ විමසිල්ලෙන් පසුවන අතර උපරිම ප්‍රථිපලයක් ද බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙම වසරේ දියත් කරන ලද සියලුම ව්‍යාපෘතින් දෙවන කාර්තුව වන විට 50%කින් අවසන් කළ යුතු අතර එහි ප්‍රගතියද සඳහන් කළ යුතු බවද නසීර් අහමඩ් මහතා පැවසීය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු හා මාණ්ඩලික නිලධාරින්,අනුබද්ධිත ආයතන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගි විය.