අද(31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තිමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය
වියදම් පාලනය කිරීම සඳහා Control of expenditure යනුවෙන් මෙම සාකාච්ඡාව පවත්වා තිබේ. රජයේ වියදම් සඳහා ප්‍රමාණවත් අදායමක් උපයාගත නොහැකි අර්බුදය පසුගිය කැබිනට් හමුවේදී පැහැදිළි කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එහෙත් එළඹෙන මාර්තු අප්‍රේල් මාස වන විට රජයේ බදු ආදායම ඉහළ යනු ඇති බවත් එතෙක් මෙම තත්වය කළමනාකරණය කර ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
රටේ පවතින ආර්ථික තත්වය රජය විසින් ජනතාවට පැහැදිළි කර දිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඒ සම්බන්ධයෙන් වරින් වර පැහැදිළි කරන බවද කීය.
වියදම් කළමනාකරණය කිරීම සඳහා සෑම අමාත්‍යංශයකම ලේකම්වරු බැඳී සිටින බවත් ,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,රේගුව, සුරාබදු දෙපාරත්මේන්තුව සහ අනෙකුත් ලැබීම් ආයතන වලින් ජනවාරි මාසය සඳහා පමණක් ලැබුණු මුළු ආදායම රුපියල් බිලියන 158.07ක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ වියදම් අඩු කිරීමේ ක්‍රමයක් තිබේ නම් ඒ පිළිබඳ පැහැදිළි කිරීමට හැකි නම් ඒ පිළිබඳව අපිට සළකා බැළිය හැකියි. මුළු ආදායම ලෙස රුපියල් බිලියන 158.07ක් ලැබෙද්දී රජයේ වියදම් ලෙස රුපියල් බිලියන 367.08ක් වියදම් වී තිබෙනවා.
ඉතාම අමාරු රාජ්‍ය මූල්‍ය තත්වයක් යටතේ රට පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා මීට පෙර පැවති රජයන් දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් මෙම තත්වයට මුහුණ දී ඇතැයි කීය. එහෙත් වර්තමානයේ තවදුරටත් විදෙස් ණය ගැනීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් ජා්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් මුදල් අච්චු ගැසීමට ඉඩ නොදෙන බවද පෙන්වා දුන්නේය.
ලැබූ ආදායම් ඔනෑම අවස්ථාවක රටට හෙළි කළ හැකි බවත් මෙම තත්වයට දේශපාලන විසඳුමක් නොමැති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, රජයට කිසිදු දේශපාලන පක්ෂයට වැටුප් නොගෙවා ඉන්න බැහැ. සමෘද්ධිය නොගෙවා ඉන්න බැහැ'' යනුවෙන්ද සඳහන් කළේය.