රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(ජනවාරි 31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී වතු කම්කරුවන් ඇතුළු පීඩාවට පත්ව සිටින පවුල් පිළිබඳ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වතු කම්කරුවන් පමණක් නොව සමස්ත රටෙහිම සිටින ආධාර අවශ්‍ය පිරිස් හඳුනාගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අයවැය තුළින් වෙන් කර ඇති බවත්, නිසිලෙස ආධාර හිමිවිය යුතු පිරිස හඳුනාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන්ව නැති බවත්, එය නිමවූ පසුව සියලු දෙනාට ආධාර ලබාදෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.