රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(ජනවාරි 31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙවර නිදහස් දින උළෙලේ වියදම් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කෙසේ වෙතත් වියදම් දැරීමේදී වියදම් අවම කරගැනීම සම්බන්ධයෙන් විශේෂ උපදෙස් ලබා දී ඇති බවත්, මෙරටට නිදහස ලැබී 75 වැනි නිදහස් උත්සවය සැමරීම වඩාත් උසස් ලෙස පැවැත්විය යුතු බවත්, මෙම සැමරුම මෙරටට අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලබාගැනීමට වැදගත් වනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
වියදම් දැරීමේදී අත්‍යාවශ්‍යම වියදම් දැරිය යුතු බවත්, එම වියදම් නොකරන ලෙස නියෝග පැනවීමට තමන්ට නොහැකි බවත්, කපා හැරීමට හැකි සෑම වියදමක්ම කපා හැරීමට කටයුතු කර ඇති බවත්, නිදහස් දින වියදම් අවම කිරීමට උපදෙස් ලබාදී ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.