ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    බිත්තර ආනයනය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා නොදීම පිළිබඳ වාර්තාවක් කැඳවයි

    ජනවාරි 31, 2023

    බිත්තර ආනයනය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන ඇතැම් බලවේග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙස ජනාධිපතිතුමා නියම කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය බිත්තර කුඩා ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කර ඒවා වෙළඳපොළ වෙත නොව රෝහල් වලට, පාසල් දිවා ආහාරය සඳහා මෙන්ම බේකරි කර්මාන්තයේ දැඩි නිෂ්පාදන පිරිවැය අඩුකිරීම සඳහා ලබාදීමට කටයුතු කරන බව වෙළඳ විෂයභාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ප්‍රධාන බිත්තර සැපයුම්කරු වන ඉන්දියාවෙන් අප රටට බිත්තර ගෙන්වීමට නොහැකි යැයි තීරණය කරන්නේ නම් ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කරමින් මෙම වාර්තාව කැඳවන ලෙසට ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එළඹෙන සිංහල ද්‍රවිඩ අවුරුද්ද සඳහා මාර්තු අප්‍රේල් වන විට පවතින ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් බිත්තර සඳහා ඇතිවන බවද, එම තත්ත්වය තුළ පාරිභෝගිකයාට විශාල මිල පීඩනයක් ඇතිවීම වැළැක්වීමට නම් අත්‍යවශ්‍ය හිඟය පියවීමට ප්‍රමාණවත් බිත්තර ප්‍රමාණයක් ආනයනය කළ යුතු බවට කැබිනට් මණ්ඩලය අදහස් කරන බවද ඔහු පැවසුවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya