ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණය කල් දැමීමට ජනාධිපති කිසිවිටෙක උපදෙස් ලබා දී නෑ - කැබිනට් ප්‍රකාශක

    ජනවාරි 31, 2023

    පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා උපාය උපක්‍රම භාවිතා කරන ලෙස ජනාධිපතිවරයා කිසිවිටකත් ජනාධිපති මාධ්‍ය ඒකකයට උපදෙස් ලබාදී නොමැති බවත්, ජනාධිපතිවරයා තම
    පක්ෂයට හා ජනාධිපතිවරයාට සම්බන්ධ අනෙකුත් පක්ෂවලට උපදෙස් දී ඇත්තේ මැතිවරණයට මුහුණදීමට සූදානම් වන ලෙස බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(ජනවාරි 31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සැළැස්වීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකය උපක්‍රම භාවිත කළේයැයි ජනමාධ්‍ය තුළ තිබූ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජනාධිපතිවරයාගේ උපදෙම් මත නාමයෝජනා භාර දී ඇති බවත්, මෙම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වැඩමුළු සම්මන්ත්‍රණ දිවයින පුරා පවත්වාගෙන යන බවත්, ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපති මාධ්‍ය ඒකකය පවතිනුයේ ජන සන්නිවේදන අමාත්‍යංශය යටතේ නොවන බවත්, සියලුම ජනාධිපතිවරු යටතේ තමන්ට හිමි ජනාධිපති මාධ්‍ය ඒකකයක් පැවති බවත්, එය පවතිනුයේ තම සීමාව තුළ නොවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීමට ජනාධිපති මාධ්‍ය ඒකකය කටයුතු කරන්නේ යැයි සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි තිබේ නම් අධිකරණයට හෝ අදාළ බලධාරී ආයතනයකට ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya