ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක්

    ජනවාරි 31, 2023

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය සහ ඩිජිටල් කරණය සමඟ ලෝකය අවතීර්ණ වී තිබෙන, සිව්වන හා පස්වන කාර්මික විප්ලවය හෙවත් INDUSTRY 4.0 සහ 5.0 සංකල්පයට අනුව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම (2023) වසරේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

    එළඹෙන 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මෙම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා තාක්ෂණ අමාත්‍ය වරයා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ උපදෙස් සහ මඟපෙන්වීම ලැබී ඇතිබව ද කනක හේරත් මහතා කියා සිටියි.

    මෙරට කර්මාන්ත වල දැනට පවතින තාක්ෂණික මට්ටමේ සිට ලෝකයේ නවීන අධි තාක්ෂණයෙන් අනූන කර්මාන්ත 4.0 සහ 5.0 මට්ටම වෙත ළඟා වීමත් ඒ තුලින් ඩිජිටල් ආර්ථිකයක් දක්වා රට මෙහෙය වීමට අවශ්‍ය තාක්ෂණික භාවිතය ඵලදායි හා කාර්යක්ෂමව යොදා ගැනීම ට අවශ්‍ය මාවත විවර කර ගැනීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ වේ.

    එමෙන්ම මෙරට කර්මාන්ත කරුවන් ගෝලීය අධිතාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීම, ලාංකීය නිපැයුම් කරුවන් ට ජාත්‍යන්තර වෙළඳ පොල විවර කර ගැනීම, අධි තාක්ෂණික නිෂ්පාදන කර්මාන්ත මෙරට තුළ ආරම්භ කිරීම, විදෙස් සෘජු ආයෝජන අවස්ථා ලබාගැනීම, එමගින් ශ්‍රී ලංකාව නිෂ්පාදන අපනයන කේන්ද්‍රස්ථානයක් හා සේවා මධ්‍යස්ථානය ක්, බවට ට පත්කිරීම, දේශිය කර්මාන්ත සඳහා උසස් ම ජාත්‍යන්තර භාවිතයන් හඳුන්වා දීම සහ ගෝලීය කර්මාන්ත සමඟ ජාල ගත කිරීම, තාක්ෂණ දැනුම හුවමාරුව කර්මාන්ත 4.0 සහ 5.0 ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙරට දී සංවිධානය කිරීමේ ප්‍රධාන පරමාර්ථය බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පෙන්වා දෙයි.

    එමෙන්ම මේ තුළින් අධි තාක්ෂණික නැඹුරුව සහිත සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ද අවස්ථාව උදාවේ.

    කර්මාන්ත 4.0 සහ 5.0 සංකල්පය යටතේ පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව ට පැමිණෙන විදෙස් ආයෝජකයන් සඳහා අවශ්‍ය සේවාවන් එකම පරිශ්‍රයකදී කිසිදු බාධාවකින් තොරව , කඩිනමින් සිදුකර දීම ඉතා වැදගත් බව පෙන්වා දෙන කනක හේරත් මහතා ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු ආයතන වල සහාය ලබා ගැනීම ට ද පියවර ගෙන තිබෙන බව ද සඳහන් කරයි.
    ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් එම අංශයේ විද්‍යාඥයන්, ප්‍රවීණයන්, ලොව ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා සහ සමාගම් නියෝජිතයින් මේ සඳහා සහභාගි කරවීමට නියමිතය.

    විශ්ව විද්‍යාල හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් සහ ඒ ආශ්‍රිත අධ්‍යාපන ආයතන, මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්, නව නිපැයුම් කරුවන්,ප්‍රදර්ශනයේ ඉලක්ක කණ්ඩායම් වේ.

    මුදල් අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, කෘෂිකාර්ම අමාත්‍යාංශය, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු රේඛීය අමාත්‍යාංශ සහ ඒ යටතේ තිබෙන දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ සමාගම් වල දායකත්වය මේ සඳහා ලබා ගැනීම ට නියමිතය.

    විශේෂයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයට මෙහිදී පුළුල් වගකීමක් පැවැරී ඇතිබව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya