ජංගම දුරකතන ආනයනකරුවන් සමග අද (31) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ආනයනයන් හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවය.
නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලුම දුරකතනවල IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙන අතර දුරකතන අස්ථානගතවීම් හෝ නීති විරෝධී ක්‍රියාවන්වල දී එම දුරකතනය හඳුනා ගනු ලබන්නේ මෙම අංකය භාවිතයෙනි.
එහෙත් නීති විරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකතන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බව එහි දී අනාවරණ විය.
මීට අමතරව නීත්‍යානුකූලව ආනයනය කරන සියලු ජංගම දුරකතන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරුණ ද නීති විරෝධී ආනයනයන්වල දී එවන්නක් සිදු නොකෙරේ.
මෙම කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති දැඩි කරන්නැයි රේගුවට උපදෙස් ලබා දුන්නේ ය.