එය ජනවාරි 31 සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී 2023 පෙබරවාරි 01 පෙරවරුවේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා උතුරු අක්ෂාංශ 7° ත් 8° අතරින් ගමන් කිරීමට ඉඩ ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තුවිය.