ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩාවල යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ඇති අතර ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීමට මෙම මුදල වෙන් කර තිබේ.
යුරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිගු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සදහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
2023 යල කන්නයේ දී වී වගාවට අත්‍යවශ්‍ය පොහොර වර්ග තුනම එනම්- TSP ( මඬ පොහොර) , MOP (බන්ඩි පොහොර) සහ යුරියා පොහොර හිඟයකින් තොරව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000රැගත් නෞකාව මෙම මස කොළඹ වරායට ළඟාවීමට නියමිත අතර එම පොහොර යල කන්නය ආරම්භයේදීම වී ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇත.
මීට අමතරව බන්ඩි පොහොර ( MOP)මෙට්‍රික් ටොන් 35,000ක පමණ අතිරික්තයක් පොහොර සමාගම් සතුව පවතී. යුරියා පොහොර ද මෙට්‍රික් ටොන් 60,000ක පමණ සංචිතයක් මෙම මස අග වනවිට පවත්වා ගනු ලබන අතර වෙන් කරන ලද රුපියල් බිලියන 10ක මුදල යටතේ මිල දී ගැනීමට නියමිත යුරියා පොහොර සමග මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න සංචිතයක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.
2023 යල කන්නයේ දී වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පොහොර හිඟයකින් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මීට අදාල ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.