ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සොයා බැලීමට සාකච්ඡාවක්

    පෙබරවාරි 02, 2023

    ආර්ථික මධ්‍යස්ථානවල අතුරු බදු දී ඇති සියලු වෙළෙඳ සැල් දැනට වෙළෙද කටයුතුවල නිරත වන අතුරු බදුකරුවන්ටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත .

    ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සොයා බැලීම පිළිබඳව පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

    දැනට ආර්ථික මධ්‍යස්ථානවල ඇති වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් අතුරු බදුකරුවන් වෙත වෙළෙඳ කටයුතු සදහා පවරා ඇත. නමුත් ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රතිපත්තියෙහි අතුරු බදු දීම සඳහා වෙනත් පාර්ශ්වයකට පවරා දීමක් සිදු කළනොහැකි වේ.එබැවින් මෙම අතුරු බදු දී ඇති වෙළෙද සැල් දැනට වෙළෙඳාමෙහි නියැළෙන පිරිස් වෙතම පවරා දීමට කටයුතු කරන ලෙසත් මෙම කටයුතු මෙම සතිය තුළ ම අවසන් කළ යුතු බවත්
    කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති අංශය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබීය.
    දැනට දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කළ බව එහිදී සඳහන් කළේය.
    එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කළ හැක්කේ දෛනික ව පාරිභෝජනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වන අතර ඉන් පරිබාහිරව වෙනත් ද්‍රව්‍යයන්ද අලෙවි කිරීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කරන බැවින් එවැනි ස්ථාන ඉවත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
    එමෙන්ම, බිත්තර, මස්, මාළු හා හයිලන්ඩ් හා මිල්කෝ කිරි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව අලෙවි කිරීම සඳහා වෙනමම අලෙවි අංශයක් ස්ථාපිත කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.
    සියලු ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු මේ වනවිට විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.
    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම සාකච්ඡාවට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු හා ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරින් හා වෙළෙඳ සංගම් සභාපතිවරුන් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya