මෙවර මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිතව වාර්තා වී ඇති රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් මේ වනවිට ඒ ඒ දිස්ත්‍රික්කවලින් ගොවි ජනතාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට පැමිණිලි කර ඇත.
ඒ අනුව එම පැමිණිළි පරීක්ෂා කිරීම සඳහා වහාම කණ්ඩායම් පිටත් කර හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී වීරසේකර මහතාට උපදෙස් දුන්නේය.එම මණ්ඩලයේ කණ්ඩායම් 05ක් පසුගිය සතියේ මඩකලපුව දිස්ත්‍රික්කයට ගොස් වගාවන් පරීක්ෂා කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ පරීක්ෂණ කණ්ඩායම් 05 බැගින් අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කයන් වෙත ද යොමු කිරීමට එම මණ්ඩලය සැළසුම් කර ඇත.
තවද වගා හානි සිදු වී ඇති බවට සනාථ වන්නේ නම් වී වගා කර ඇති අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් 01කට රුපීයල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබේ.
ඒ සඳහා ගොවීන් රක්ෂණයක් ලබා තිබීම අනිවාර්ය නොවන අතර රජය එම මුදල ගෙවනු ලබයි. නමුත් ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති නව රක්ෂණ ක්‍රමයක් යටතේ හෙක්ටෙයාර් එකකට කන්නයක දී රුපියල් 6400ක වාරිකයක් ගෙවා රක්ෂණය ලබා ගන්නේ නම් වගා හානි සිදුවන අක්කරයකට රජය ගෙවන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක ආවරණයක් යටතේ රුපියල් 100,000ක මුදලක් ලබා ගැනීමට හැකිවේ. ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 250,000ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
2021 මහ කන්නයේ දී වගා හානි වූ ගොවින්ට රජය වගා හානි වන්දි යටතේ රුපියල් රුපියල් මිලියන 1570ක් මේ වනවිට ගෙවා ඇත.
වගා හානි සිදුවන බෝග වර්ග 06කට රජය අක්කරයකට රුපියල් 40,000ක් බැගින් වන්දි මුදලක් ලබා දීමට පියවර ගෙන තිබේ.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආරම්භ කරන ලද මෙම වන්දි ක්‍රමය යටතේ වී, මිරිස්, බඩඉරිඟු, ලූනු හා අර්තාපල් හා සෝයා බෝංචි සඳහා එම මුදල් ලබා දීමට පියවර ගෙන ඇත.
එසේම 2023 මහ කන්නයේ දී ගොයම් කහ පැහැතිවීම ඇතුලු රෝග ගණනාවක් සම්බන්ධයෙන් ගොවිජනතාව ඉදිරිපත් කරන ලද පැමිණිළි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දෙන වන්දි මෙන්ම හානි සිදුවී ඇති සමස්ත කුඹුරු ප්‍රමාණය සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.