ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ධීවර සංස්ථා සේවකයින්ගේ වැටුප් ගැටළුවට විසඳුම්

    පෙබරවාරි 02, 2023

    ලංකා ධීවර සංස්ථාවේ ප්‍රාදේශීය මට්ටමේ කාර්යාල වල මේ වන තෙක් වැටුප් ලබා නොදුන් සියලු සේවකයන්ගේ වැටුප් ඉදිරි දින දෙක තුළ ගෙවීමට පියවර ගන්නා බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    මාස 04ක කාලයක් වැටුප් නොගෙවීම දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා ධීවර සංස්ථාවේ ප්‍රාදේශීය මට්ටමේ කාර්යාල වල සේවය කරන සේවකයන් නියෝජනය කරන සේවක සංගම් හි නියෝජිතයින් සහ ධීවර අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් (01 දින ) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ලංකා ධීවර සංස්ථාවේ ප්‍රාදේශීය මට්ටමේ කාර්යාලවල සේවය කරන සේවකයින් වෙනුවෙන් අදහස් දැක්වු වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවේ ගාල්ල, හම්බන්තොට සහ පේසාලේ ආදී ප්‍රාදේශීය කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ වැටුප් දැනට මාස 04ක කාලයක සිට ගෙවා නොමැති බවත්, සේවා අර්ථසාධක අරමුදල හා විශ්‍රාමික පාරිතෝෂිත දීමනා මුදල් ලබා දීමද මේ වන විට නවතා ඇති බවත්ය.

    මේ හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බවත්, එම පිරිස් දැඩි ආවේගගීලීව හැසිරීම හේතුවෙන් ආයතනය පවත්වාගෙන යාමේ ගැටලුවක්ද මතුව ඇති බවත්, පෙන්වා දුන්නේය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙම ගැටලුව හැකි ඉක්මනින් අවසන් කරන බවත්, ආයතනයේ අනෙකුත් ගැටලුද කඩිනමින් විසදාලීමට අවශ්‍ය සහයෝගය සියලු දෙනාට ලබා දීමට කටයුතු කරන බවත් වෘත්තීය සංගම් නියෝජිතයන්ට දැන්විය.

    මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් තමන් හා අමාත්‍යතුමා දිගින් දිගටම සාකච්ඡා කර විසඳුම් සොයන බවත්, ලංකා ධීවර සංස්ථාව ඉතිහාසයේ ඉතා හොද තත්වයෙන් පවත්වාගෙන ගිය ආයතනයක් නමුත් වර්තමානය වන විට වැටුප් ගෙවීමට නොහැකි තත්වයට පත්වීම විශාල ගැටලුවක් බවත්ය.

    ඉදිරියේදී ආයතනයේ සේවක මට්ටමින් සාකච්ඡා කර ලංකා ධීවර සංස්ථාව ජනතාවට සහනදායි ලෙස මත්ස්‍ය නිෂ්පාදන ලබාදිය හැකි ආයතනයක් බවට පරිවර්ථනය කිරීමට කැබිනට් අමාත්‍යවරයා හා එක්ව කටයුතු කරන බවද නිශාන්ත මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya