නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය (02)දින අලුයම් කාලයේ දී නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින අතර එම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් ඊයේ රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශ කරා ගමන් කරනු ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.