එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 13,070.6 ක් වේ. ශ්‍රී ලංකා රේගුව නිකුත් කරන ලද දත්තවලට අනුව, 2022 දෙසැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් 9.7% කින් අඩු වී ඇති අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1,044 කි.මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, කුළුබඩු, අත්‍යවශ්‍ය තෙල් සහ ධීවර නිෂ්පාදන අපනයන ආදායම අඩුවීමයි.
නිෂ්පාදන පිරිවැය, බලශක්තිය වියදම් ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන වෙළඳපොළවල පවතින අවපාතය මෙම පහත වැටීම්වලට හේතු වී ඇත. උද්ධමනය හේතුවෙන් ආනයන තියුණු ලෙස පහත වැටුණු අතර, භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු විය.
එසේම 2022 වර්ෂය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,876.3 ක් වූ අතර, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 5.9% කින් අඩු විය. අපනයන සංවර්ධන මණ්ඩලය ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන, තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් යනාදියෙන් සමන්විත වේ.