ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    බොරැල්ල ආයුර්වේද රෝහලට මිලියන 213 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 

    පෙබරවාරි 03, 2023

    ස්වීඩනයේ ServeNow Sri Lanka සංවිධානය මගින් බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල වෙත රු. මිලියන 213 ක වටිනාකමින් යුත් නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් ඇඳන් ඇතුළු නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ රැසක් පරිත්‍යාග කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සහ ස්වීඩනයේ ServeNow Sri Lanka සංවිධානයේ අධ්‍යක්ෂිකා ජේ. විතානගේ මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ (02) දින සිදු කෙරිණ.

     එහිදී ServeNow Sri Lanka සංවිධානයේ අධ්‍යක්ෂිකා ජේ. විතානගේ මහත්මිය විසින් අදාළ උපකරණ ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් වෙත පරිත්‍යාග කිරීම සිදු විය.

    එම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න, අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා වැලිවිටගොඩ, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය ප්‍රියානි පරණගම, ආයුර්වේද අධ්‍යයන අංශ ප්‍රධානී එස්.පී. මොල්ලිගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya