ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව සර්ව ආගමික් වතාවත්

    පෙබරවාරි 03, 2023

    75 වන නිදහස් දින උළෙලට සමගාමීව පැවැත්වෙන බෞද්ධ ආගමික වතාවත් ඊයේ (02) සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කළ අතර, පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී අද පහන් වන තුරු පැවැත් විය. උදෑසන හීල් දානමය පිංකම අද උදෑසන පැවැත් වේ.

    කතෝලික ආගමික වතාවත් මරදාන ෆාතිමා දේවස්ථානයේ හෙට උදෑසන 6.30ට සිදු කෙරෙන අතර, ක්‍රිස්තියානි ආගමික වතාවත් එදින එම වේලාවටම ගාලුමුවදොර ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සිදු කෙරේ.

    හින්දු ආගමික වතාවත් අද උදෑසන ත්‍රීකුණාමලය දක්ෂිණ කෛලාෂ් හෙවත් කෝණේෂ්වරන් කෝවිලේදී සිදු කෙරේ. මුස්ලිම් ආගමික වතාවත් හෙට දින පෙ.ව 10.00ට කොළඹ මහ පල්ලියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    මේ අතර කොළඹ දී ද බෞද්ධ හා හින්දු ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙන අතර, හෙට ‍පෙ.ව 6.30ට කොළඹ 03, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ දී බෞද්ධ ආගමික වැඩසටහනක් ද, කොළඹ 04 බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී හින්දු ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබේ.

    මීට අමතරව 75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා” රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කලා ශිල්පීන් 750කගේ සහභාගීත්වයෙන් අද ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya