එසේම මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමටද තීරණය කර තිබේ.ඒ අනුව වී මිලදීගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය සිදු නොකරන බවත්, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩපිළිවෙල පිළිබඳව කරුණු විමසමින් ඊයේ (02) පුත්තලම ගොවි නියෝජිතයින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම් ලාභී පවුල් සඳහා මාස 02ක් දක්වා එක් පවුලකට සහල් කිලෝ 10ක් බැගින් නොමිලයේ ලබා දීමට තීරණය කර ඇත.
මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් ද , මුදල් අමාත්‍යාංශය ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදීරිපත් කළ බවත්, මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ඊට අනුමැතිය හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.