පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය , කර්මාන්ත අමාත්‍යංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය , සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
පාවහන් සහ සම්භාණ්ඩවලට දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලබා දීම, අන්තර්ජාතික ගැනුම්කරුවන් අතර ශ්‍රී ලාංකික අපනයන හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් එළිදැක්වීම මෙන්ම අපනයන අවස්ථාවන් උදාකර දීම , සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ තාක්ෂණ හැකියාවන් වර්ධනය කර ගැනීම සහ අන්තර්ජාතික වෙළඳපොළ සදහා අගය එකතු කළ නිෂ්පාදනයන් නිපදවීම දිරිමත් කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණු වේ.
මෙම ප්‍රදර්ශනය 2007 වර්ෂයේ පළමු වරට පැවති අතර පසුගිය කොවිඩ් වසංගත තත්වය නිසා වසර දෙකක් පැවැත්වීමට නොහැකි වී තිබේ.
2016 වසරේ දී ජී.එස්.පී. සහනය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා යුරෝපීය වෙළඳපොළ අවස්ථා හිමිවූ අතර ඇමරිකා එක්සත් ජනපදය ද සම්භාණ්ඩ අපනයනය සඳහා තීරුබදු සහන ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තයේ මේ වනවිට සෘජු සහ සහ වක්‍ර වශයෙන් 300,000ක පමණ පිරිසක් වෙදී සිටී.එසේම පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්රය ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රවර්ධනය කිරීමට දායකත්වයක් දැක්විය හැකි අගය එකතු කළ නිෂ්පාදන ක්ෂේත්රයක් ලෙස හඳුනාගෙන තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ පාසැල් පාවහන්වල අවශ්‍යතාවය යුගල මිලියන 4.5ක් වන අතර එම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සැපයීමට දේශීය කර්මාන්තකරුවන් සමත් වී ඇත.තවද නිෂ්පාදනය කෙරෙන රබර් සෙරෙප්පු ඕස්ට්‍රේලියාව සහ යුරෝපීය රටවලට අපනයනය කිරීමද සිදු කරයි.පාවහන් නිෂ්පාදනයට අවශ්‍ය අමතර කොටස් වන පාවහන් අඩි, නිමකරන ලද ස්වභාවික සම්, රෙක්සින් සහ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තශාලා රැසක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකයි.
එසේම සම් නිෂ්පාදන කර්මාන්තශාලා 6ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර ඒවායෙන් මසකට සම් වර්ගඅඩි 500,000 පමණ නිෂ්පාදනය කෙරේ.