ජල සම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘති හා 2023 වසරේ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව එහිදී නිලධාරීන් විසින් අමාත්‍යතුමාව දැනුවත් කළ අතර මෙම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
තවද ජල සම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිත හමුවක් ද මෙදින පැවැත්වූ අතර ඔවුන් ඉදිරිපත් කරන ලද කරුණු විමසා බලා සුදුසු විසදුම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යතුමා එහිදී පවසා ඇත.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධ අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහතා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා, සාමාන්‍යධිකාරී ඉන්ජිනේරු වසන්තා ඉලංගසිංහ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.