ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව උදෙසා ශිෂ්‍යත්ව 200ක් 

    පෙබරවාරි 03, 2023

    අඩු ආදායම්ලාභී තරුණ පිරිසට අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් සැලසීම පෙරදැරිකරගෙන තරුණ තරුණියන් 200කට ශිෂ්‍යත්ව ලබාදීමටත්, යෞවනයන් හා ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන් සඳහා ශිෂ්‍යත්ව 200ක් ලබාදීමටත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිය කැමැත්ත පළකරයි‍.

    වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland)මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (පෙබරවාරි 02දා) ක්‍රීඩා හා යොවුන් අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී ඇය සිය කැමැත්ත මෙසේ පළකර ඇත.

    2023 වසරේ ක්‍රීඩා හා යොවුන් අමාත්‍යාංශයේ කටයුතු අධීක්ෂණය කර පොදු රාජ්‍ය මණ්ඩපයේ අනෙකුත් රටවල් සමග එම වැඩපිළිවෙළ හුවමාරු කර ගැනීමට මෙන්ම ක්‍රීඩා හා තරුණ ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම, සම්බන්ධයෙන්ද ඒහිදී සාකච්ඡා වී ඇත.

    එමෙන්ම පාසල් ළමුන් අතර බෝ නොවන රෝග පාලනය කිරීමට පාසල් කාල සීමාව තුළ හෝ ඉන් පසුව ක්‍රීඩා හා ශාරීරික සුවතා ව්‍යායාම සඳහා යොමු කිරීමටත්, සියලුම පාසල් ළමුන් සඳහා එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්ය කිරීමත්, අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඒකාබද්ධව කටයුතු කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එහිදී අවධානය යොමුව තිබේ.

    පාසල් හැර ගිය ළමුන්ට වෘත්තීය මාර්ගෝපදේශ ලබාදීමට වැඩසටහන් ආරම්භ කිරීමත්, ආදායම් ඉපැයීමේ ක්‍රියාකාරකම් සඳහා තරුණ ප්‍රජාවට අවශ්‍ය පාරිසරික හා ආර්ථිකමය වාතාවරණයක් ගොඩනැගීමට අදාළවත්, එහිදී දෙපළ අතර සාකච්ඡා වී තිබේ.

    ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සම්මේලනය මඟින් ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉසව් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු අවම කර ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලන ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya