ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් අදායම මේ වසරේ දී ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට අපේක්‍ෂා කරනවා - විදෙස් රැකියා ඇමති

    පෙබරවාරි 03, 2023

    පසුගිය වසර වලට සාපේක්ෂව ඉතිහාසයේ වැඩිම ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවක් විදෙස් රැකියාවලට යැවීමට හැකි වූ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා (01) මහනුවර දී පැවති මාධ්‍ය හමුවක දී ය.

    ඒ අනුව, ශ්‍රී ලංකික පුරවැසියන් 312,000 ක් එලෙස විදෙස් රටවලට යවා තිබෙන බවත්, එලෙස ගිය රටවල් අතරින් කොරියාව සහ ජපානය වැනි රටවල් වලට වැඩි වශයෙන් ශ්‍රී ලංකික ශ්‍රමිකයින් යවා තිබෙන බවත් හෙතෙම පැවසීය.

    පසුගිය වසරේ(2022) මැයි මාසය වන විට මෙරට විදෙස් අදායම ඩොලර් මිලියන 175 ක් දක්වා පහතට වැටී තිබුණු අතර එම වසරේ ම දෙසැම්බර් මස වන විට විදෙස් අදායම ඩොලර් මිලියන 476 ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් හෙතෙම පැවසීය.

    ඒ අනුව මෙම වසර අවසන් වන විට මෙරට විදෙස් අදායම ඩොලර් බිලියනය දක්වා යන ඉලක්කයකට නැංවීමට අපේක්‍ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya