බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරිය සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවාසි ජනතාවට සුභ පැතුම් එක්කර තිබේ. එමෙන්ම, දෙරට අතර සබඳතාවය ශක්තිමත්වනු ඇතැයි ද ඒ මහත්මිය ගේ පණිවුඩයේ සටහන් කර තිබේ.
එමෙන්ම, පකිස්ථාන තානාපති එම්.අෂ්රෆ් හයිදාරි මහතා ද 75 වන නිදහස් දින වෙනුවෙන් සිය සුභපැතුම් එක්කර තිබේ.
ඒ අනුව, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය, පකිස්තානු මහකොමසාරිස් කාර්යාලය මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත සංගමය වැනි විවිධ රටවලින් මෙරට නිදහස් දින සැමරුම වෙනුවෙන් සිය සුභපැතුම් එක්කර තිබේ.
එමෙන් ම මේ අවස්ථාව වනවිට ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ රැසක් කොළඹ පවැත්වෙන නිදහස් උළෙලට සහභාගී වී සිටී.