මෙම අවස්ථාවට විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්ය තාන්ත්රිකයින් රැසක් සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
නිදහස් දින උත්සව අවස්ථාවට සම්ප්රාප්ත වූ ජනාධිපති රනි වික්රමසිංහ මහතා, 75 වැනි නිදහස් දිනය සනිටුවහන් කරමින් ජාතික ධජය එස වූ අතර ඉන් පසු පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීය සහ ජයමංගල ගී ගායනා කළෝය.
ඉන් අනතුරුව ආචාර වෙඩි මුර සහ ත්රිවිධ හමුදා උත්තමාචාර සේනාධිනායක,විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පුද කළේ ය.
අභිමානවත් ත්රිවිධ අහමුදා උත්තමාචාර පෙළපාලී සහ ගුවන් නාවික,පැරිෂුට් සංදර්ශනවලින් නිදහස් උළෙල වර්ණවත් විය.
පෙර මෙන් මෙවර ජනාධිපතිවරයා ජාතික දිනයේ සිදු කරන ජාතිය ඇමතීම ඒ මොහොතේ සිදු නොකිරීම ද විශේෂ සිද්ධියකි.
පැරිෂුට් සංදර්ශනයෙන් අනතුරුව චාම් මෙන් ම අභිමානවත් 75 වැනි නිදහස් උළෙළ දෙමළ බසින් ජාතික ගීය ගයා සමාප්ත විය.