2007 වර්ෂයේ ප්‍රථම වරට ආරම්භ කොට වාර්ෂිකව පවත්වා ඇති මෙම ප්‍රදර්ශනය 2021 හා 22 වර්ෂවල පැවැත්වීමට නොහැකිව මෙවර පැවැත්වෙන්නේ 13 වෙනි වරටයි.
ගෙවුණු වසර දෙකක කාලය තුළ මෙරට ඇතිවූ ආර්ථික අර්බුදකාරි තත්වයේදී සිදුවූ යහපත් දේ නම් දේශීය නිෂ්පාදනයන් සදහා හොද උත්තේජනයක් ලැබී රට තුළ නිෂ්පාදන කර්මාන්තය වඩාත් ප්‍රවර්ධනය වීම බව අමාත්‍ය රමේෂ්එ පතිරණ මහතා පවසයි
එසේම මෙම පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළත් දැකගත හැකි වන නිසා එම කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කොට ගෙන වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලා භූමියෙන් අක්කර 25 ක භූමි ප්‍රමාණයක් නව කර්මාන්ත පුරයක් සදහා වෙන්කිරීම කඩිනමින් සිදුකොට එය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද කීය.
මෙරට පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයන්ට දේශීය වෙළෙඳපොළ අභිබවා යමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වටිනාකම් අත් කරදීමේ අරමුණෙන් ප්‍රවර්ධනීය කටයුත්තක් ලෙස සිදුකරන මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට කර්මාන්ත අමාත්‍යංශයේ සම් , පාවහන් සහ සම් භාණ්ඩ පිළිබඳ අංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , අපනයන සංවර්ධන මණ්ඩලය ආදි රාජ්‍ය ආයතන ගණනාවක් දායකත්වය දක්වයි.
නිෂ්පාදන ප්‍රදර්ශන කුටි සහ නිෂ්පාදන අලෙවි කුටි 150 ක ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය සදහා නිෂ්පාදකයන් 100 කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටියි. ඒ අතර ජාත්‍යන්තරය කරා දේශීය නිෂ්පාදන රැගෙන ගිය සන්නාමයන්ද වේ.මෙහිදී විශේෂත්වය වන්නේ සහනදායි ගෙවීම් පදනමට සුළු හා මධ්‍ය පරිමාණ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සදහා ප්‍රදර්ශන කුටි වෙන්කර දීමයි. එමෙන්ම සෞන්දර්ය විශ්ව විද්‍යාලය ආදි උසස් අධ්‍යාපන ආයතන , විවිධ රාජ්‍ය ආයතන ඇතුළු කර්මාන්තය හා සබැදුනු ප්‍රදර්ශකයන් රැසක් එක්ව සිටියි.
එයට අමතරව මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන තෙදින පුරාම පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළු , ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙන්ම ව්‍යවසාය සංවර්ධන දැනුවත් කිරීම් , අපනයන කිරීම සම්බන්ධ වූ දැනුවත් කිරීම් ආදි න්‍යායාත්මක දැනුම , තොරතුරු මෙන්ම ප්‍රායෝගික දැනුම ලබාගත හැකි ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක මෙහිදි ක්‍රියාත්මක වේ.
මෙම සමාරම්භක අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී.නිමලසිරි, කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි මෙල් ඇතුළු විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ප්‍රදානීන් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.