ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ උඩරට නර්තන පීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

    පෙබරවාරි 05, 2023

    පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ උඩරට නර්තන පීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල දෙමහල් පසුගිය (01) සිසු අයිතියට පත්විණි. මෙහි ප්‍රධාන ආරරාධිත අමුත්තා ලෙස ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක Eldos Mathew Punnoose මහතා එක් ව සිටියේය.

    ශ්‍රී ලාංකේය පාරම්පරික සංස්කෘතික උරුමයන් රැකගැනීමට, උඩරට නර්තන කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්දීය රජය, මහ කොමසාරිස් කාර්යාංශය සහ ඉන්දීය ජනතාව විසින්, ශ්‍රී දළදා මාළිගාව යටතේ තිබෙන පල්ලේකැලේ සිබා විශ්වවිද්‍යාලයට උඩරට නර්තන පීඨයේ අභිනව දෙමහල් ගොඩනැගිල්ල, පරිත්‍යාග කර තිබේ.

    අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමුත්තන්, අභිනව ගොඩනැගිල්ල තුළ ඉගෙනුම් ක්‍රියාකාරකම් සිදු වන ආකාරය පිළිබඳව නිරීක්ෂණ කරනු ලැබිණි. එසේම අමාත්‍යවරයා ආරාධිත ඉන්දියාණු නියෝජිතයන් සමඟ ඉදිරි කාර්යයන් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් ද පවත්වනු ලැබිණි.

    ප්‍රාසාංගික සංස්කෘතික නර්තනාංගයන් ගෙන් ද මෙම උත්සවය හැඩගැන්විණි.මේ අවස්ථාවට , අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට වදාළහ.. ඉන්දියාණු මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක Eldos Mathew Punnoose මහතා, සහකාර මහකොමසාරිස්තුමිය ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වුණා. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මහතා , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා , සතර මහා දේවාලයන් හී බස්නායක නිලමේවරුන් , පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ මණ්ඩපාධිපති ඇතුළු ආයතන ප්‍රධානීන්, අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් ද උපාධි අපේක්ෂක සිසු සිසුවියන් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya