ඔහු මේ බව කියා සිටියේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පුද්ගලික අංශයේ සේවකයන්ට එක් එක්ආයතන විසින් ඇතිකර ගත් සෞඛ්‍ය රක්ෂණාවරණ ක්‍රම පැවතියද පොදු රක්ෂණ ක්‍රමයක් නැතැයි කියා සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙන් පුද්ගලික අංශයේ සේවකයන්ටද රක්ෂණාවරණයක් ලබාදීම සඳහා 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ඊයේ කැබිනට් අනුමැතිය හිමිවූ බවද අවධාරණය කළේය.
2023 අයවැය කතාවේ දී මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ සේවකයන්ටද රාජ්‍ය සේවකයන්ට මෙන් අග්‍රහාර රක්ෂණයට සමාන රක්ෂණාවරණයක් ලබාදීමේ යෝජනාව පාර්ලිමේන්තුවට දැනුම්දුන් බව සිහිපත් කරන අමාත්‍යවරයා අග්‍රහාර රක්ෂණයෙන් රාජ්‍ය සේවකයන්ට රඉතා හොඳ සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදෙන බවට පොදු පිළිගැනීමක් ඇතැයිද එමගින් රාජ්‍ය සේවකයන්ට ලෙඩදුක් වලදී වෛද්‍ය උපකාර ලබාගැනීම වෙනුවෙන් ගෙවීම් සිදුකරන අතර වන්දිමුදල් ලබාදෙන බවද සිහිපත් කළේය.